ඔස්ටේ්‍රලියා සංක්‍රමණ රෙගුලාසි තවත් ලිහිල් කල යුතු බවට යෝජනා

උද්ගතව ඇති දරුණු සේවක හිගය මගහරවාලීම සඳහා ඔස්ටේ්‍රලියාව විසින් සංක්‍රමණ රෙගුලාසි තවත් ලිහිල් කල යුතු බවට වෘත්තිකයන් පිරිසක් යෝජනා කර තිබෙනවා.

ඇතැම් රැකියාවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය රැකගැනීම සඳහා විධිමත් පුහුණු නිපුණතා ප්‍රතිපත්තියත් තිබිය යුතු බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

විශේෂයෙන් තොරතුරු තාක්ෂණ රැකියා සැළකීමේදී විදේශයන්ගෙන් පැමිණෙන පුහුණු නිපුණතා ශ්‍රමිකයන්ගෙන් සියයට 50 ක් පමණ කාන්තාවන් වනවා.

එහෙත් ඔස්ටේ්‍රලියාව තුළ උපාධි ලබා පුහුණුවීම් ආරම්භ කරන තොරතුරු තාක්ෂණවේදීන්ගෙන් සියයට 90 ක් පමණ පුරුෂ පාර්ශවයෙන් බවයි මෑතකදී පැවති සාකච්ඡාවකදී හෙළිවී ඇත්තේ.

කොවිඩ් වසංගතයට පෙර වාර්ෂිකව ශිෂ්‍ය වීසා ලාභින් ලක්ෂ 04ක් පමණ රැකියාවල නිරතවී තිබුණද මේ වනවිට එම අග අඩු මට්ටමකට පත්ව ඇති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

https://www.bloomberg.com/news/articles/2022-03-08/australia-needs-migration-boost-to-help-plug-skills-shortage

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »