ශෂී වීරවංශගේ පාස්පෝට් නඩු තීන්දුව අද

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩු තීන්දුවක් අද ප්‍රකාශයට පත්කෙරෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ ඇයට එරෙහි නඩු දෙකෙහි නඩු විභාග පසුගියදා අවසන් කෙරුණා.

ඒ අනුවයි එම නියෝග අද ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල පසුගිය පෙබරවාරි 11 වනදා නියම කර සිටියේ.

ශෂී වීරවංශ 1967 වසරේ ඉපිද ඇති නමුත් එය 1971 දී උපත ලැබූ බවට වෙනස් කරගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

ඇය අදාළ උපන් දින දෙක යටතේම ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කලා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »