
විගමණික ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම දැනට ගෙවනු ලබන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එළඹෙන අවුරුදු සමයේදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණ දිරිමත් කිරීම – විගමණික ශ්‍රමිකයන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාදීම පිණිසයි මෙම යෝජනාව ගෙන ඇත්තේ.
විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් ශ්‍රී ලංකාව වාර්ෂිකව උපයන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 07 ත් 08 ත් අතර අගයක් ගනු ලබනවා.

එය තවත් දිරිමත් කිරීම සඳහායි ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙලෙස ඩොලරයක් සඳහා තවත් අමතර රුපියල් 28 ක මුදලක් ගෙවීමට තීරණය වී ඇත්තේ.
SOURCE : CABINET DECISIONS
