ක්වීන්ස්ලන්ඩ් ජල ගැලීම් මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළට

ජල ගැලීම් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ පසුගිය අගහරුවාදා සිට අතුරුදන්ව සිටි 42 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුර ජලයේ තිබී අද හමුවීමත් සමගයි.

මේ අතර සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් වළකින්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධානම් ප්‍රදේශවල ජනතාවට දැනුමේ දෙනවා.

අද පස්වරුවේ හා රාත්‍රී කාලයේත් නැවතත් වැසි ඇද හැලිය හැකි බවට අනාවැකි පළවීම ඊට හේතුවයි.

මෙම සති අන්තයේදීත් ප්‍රාන්ත කිහිපයකට ධාරාණිපාත වැසි සහ ජලගැලීම් පැවති හැකි බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලට එම තත්වය පැවතිය හැකියි.

ඊයේ දිනය වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අයහපත් කාළගුණ හමුවේ පුද්ගල මරණ 05 ක් සටහන්ව තිබුණා.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තත්වය තරමක් යහපත් අතට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර උතුරු ක්වීන්ස්ලන්ඩ් කලාපයට දැඩි උණුසුම් කාළගුණයක්ද පැවතිය හැකියි.

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »