ජාත්‍යන්තර ළමා අපචාර ජාලයක 117 ක් ඔස්ටේ්‍රලියාවෙන් අල්ලයි

වසර 03 ක් පුරා සිදුකල ළමා අපචාර පිටුදැකීමේ දැවැන්ත මෙහෙයුමකදී ඔස්ටේ්‍රලියාව පුරා සැකකරුවන් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ට එරෙහිව චෝදනා 1248 ක් ගොණු කර ඇති බව සඳහන්.

Operation Molto ලෙස නම් තබා තිබූ මෙම මෙහෙයුම සඳහා ජාත්‍යන්තර පාර්ශව කිහිපයක සහයද ලැබී තිබුණා.

ලොව පුරා ළමුන් 153 දෙනෙකු මෙම ජාවාරමට යොදාගෙන තිබූ අතර ඉන් 51 දෙනෙකුම ඔස්ටේ්‍රලියාවෙන් වනවා.

සැකකාර ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 58 දෙනෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙනුයි.

වික්ටෝරියා හි 18 ක් – නිවු සවුත් වේල්ස් හි 17 ක් – දකුණු ඔස්ටේ්‍රලියාවේ 12 ක් – බටහිර ඔස්ටේ්‍රලියා හි 08 ක් – ටස්මේනියා හි 03 ක් – ACT හි 03 ක් සහ Northern territory හි 01 අයෙකුද ඒ අතර වනවා.

https://www.abc.net.au/news/2022-03-02/police-arrest-117-australian-men-over-child-abuse-material/100874278

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »