Search

ලංකාවේ ඉන්න යුක්රේන ජාතිකයන් 4000 කගේ වීසා කාලය දීර්ඝ කරයි

රුසියානු හා යුක්රේන  ගැටුම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින  යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඹහු පෙන්වා දෙන්නේ හෙට (28) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවයි.

දැනටමත් මේ පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන ‍දෙපාර්කමේන්තුව සමග සාකච්ඡාකරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

සංචාරකයන් සදහා වීසා ලබා දෙන්නේ අවම මාසයක කාපයකට බැවින් මේ වන විට මෙරට රැදී සිටිව යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලයද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ථා වලට අනුව මේ වන විට යුක්රේන සංචාරකයන් 4000 කට ආසන්න පිරිසක් මෙරට රැදී සිටින අතර මෙරට රැදී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11500 කට ආසන්නය.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »