Search

රුසියාවට ෆේස්බුක් – ට්විටර් තහණමක්

යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා පැවැත්විය හැකි වේලාවක් සහ ස්ථානයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව යුක්රේන ජනාධිපති කාර්යාලය පවසනවා.

රුසියාව ඒ සඳහා යෝජනා කර තිබුණේ බෙලරුස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර යි.

එහෙත් පෝලන්තයේ වෝර්සෝ නුවර යුක්රේනය විසින් යෝජනා කර තිබුණා.

මේ අතර රුසියානු රජයට පක්ෂපාතී දැන්විම් ප්‍රචාරය අත්හිටුවීමට ෆේස්බුක් – වට්ස්ඇප් – ඉන්ස්ටග්‍රම් අයත් මව් සමාගම වන මෙටා සහ ට්විටර් සමාජ ජාලය පියවර ගෙන තිබෙනවා.

ව්‍යාජ තොරතුරු ප්‍රචාරය වැළක්වීම එහි අරමුණ බවයි ඔවුන් නිවේදනය කලේ.

මේ අතර තමා තවමත් යුක්රේනයේ සිටින බව ඔප්පු කිරීම සඳහා යුක්රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කි විසින් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප සහ වීඩියෝ පට කිහිපයක් මුදා හැර තිබුණා.

යුක්රේනයට සහය පළකරමින් අද දිනයේදී ලොව පුරා විරෝධතා රැසක් පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

යුක්රේන හමුදාවන්ට අනුව රුසියානු සෙබලුන් 3500 ක් පමණ ඝාතනයට ලක්ව ඇති අතර තවත් 200 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »