NSW සිසුන්ට පණවා තිබූ අනිවාර්ය රැපිඩ් පරීක්ෂණ නියෝගය ඉවතට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිසුන්ට පණවා තිබූ සති 02 කට වරක් රැපිඩ් පරීක්ෂණ සිදුකිරීමේ අනිවාර්ය නියෝගය ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට සෑම දෙමව්පියෙකුටම රැපිඩ් කට්ටල 08 කින් සමන්විත test kit එකක් ලබාදෙනු ඇති.

එය ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා දරුවන් පරීක්ෂා කල යුතු වේලාවන්වලදී භාවිත කිරීමට හැකි බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

පාසල් සහ පෙරපාසල් ගුරුවරුන් හා කාර්ය මණ්ඩල වෙතද රැපිඩ් කට්ටල ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 5,582 ක් වාර්තා වි තිබේ.

දැනට 1,280 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 77 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 21 ක් වාර්තා විය​.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »