Search

දේශ සීමා අරින්න පැය 24 ක් තිබියදී අගමැති මෙල්බන් ගුවන් තොටුපළට

වසර 02 කට පසු දේශ සීමා විවෘත කිරීමට පැය 24 කට අඩු කාලයක් තිබියදී අගමැති ස්කොට් මොරිසන් අද පෙරවරුවේ මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

හෙට සිට නැවතත් සංචාරකයන්ට රට විවෘත වන බැවින් සංචාරක කර්මාන්තය නැවතත් නගා සිටුවීමට හැකිවනු ඇති බවය අගමැතිවරයා සඳහන් කලේ.

හෙට දිනය තුළදී ගුවන් යානා 50 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන් අඩකට වැඩි පිරිසක් සිංගප්පූරුව – අමෙරිකාව සහ ජපානයෙන් පැමිණෙනු ඇති.

කෙසේවෙතත් මෙලෙස පැමිණෙන සියලු සංචාරකයන් කොවිඩ් මාත්‍රා 02 ක් ලබාසිටීම අනිවාර්ය වනවා.

මේ අතර ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ ඔස්ටේ්‍රලියානුවන්ට දන්වා සිටින්නේ ජාත්‍යන්තර සංචාරකයන් යළි රටට පැමිණීම ආරම්භවීමත් සමග ආසාධිතයන් සංඛ්‍යා ඉහළ යා හැකි බැවින් හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමුවන ලෙසටයි.

https://www.9news.com.au/national/international-flights-to-resume-as-australian-border-restrictions-wind-back/dcf01ddf-99ea-4cf3-b99f-e39bbf8325f6

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »