ඔස්ටේ්‍රලියාව තුළ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම සම්බන්ධ නවතම නීති

ඔස්ටේ්‍රලියාව තුළ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම සම්බන්ධ නවතම නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව භූමියේ සිට මීටර් 120 කට වඩා උසකට යැවිය නොහැකියි.

සැම විටම පුද්ගලයන්ගේ සිට මීටර් 30 ක දුරක් පවත්වා ගත යුතු වනවා.

ඩ්‍රෝන ක්‍රියාකරු සෑම විටම ඩ්‍රෝන යානය පියවි ඇසෙන් දැකගත හැකි දුරක තබා ගත යුතු වනවා.

ග්‍රෑම් 250 ට වඩා බර ඩ්‍රෝන යානයක් නම් එය සෑම විටම ගුවන් තොටුපළක සිට කිලෝමීටර් 5.5 ක දුරකින් යැවිය යුතුයි.

ඔබ විනෝදයට ඩ්‍රෝන යවන්නේ නම් බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැහැ.

එමෙන්ම පුද්ගලික නිවාස හෝ දේපළවලට ඉහළින් ගුවන් ගත කිරීමද සිදුනොකල යුතුයි.

https://www.9news.com.au/national/drone-rules-australia-explained-where-are-you-allowed-to-fly/be022826-05aa-4ab3-895e-9a6e824ca2e1

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »