ACT ප්‍රාන්තයද අද පස්වරු 06 සිට කොවිඩ් සීමා ලිහිල් කරයි

ACT ප්‍රාන්තයද අද පස්වරු 06 සිට කොවිඩ් සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව උපරිම සීමා රැසක් ඉවත් කර ඇති අතර බොහෝ ස්ථානවල නැටුම් – ගැයුම් සඳහාද අවසර හිමිවනු ඇති.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඇන්ඩෲ බාර් පැවසුවේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා ස්ථාවර අගයක් ගැනීම හමුවේ මෙම තීරණය ගත් බවයි.

කෙසේවෙතත් එළඹෙන ශීත සෘතුවේදී ආසාධිතයන් සංඛ්‍යා යළිත් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවීම අවධානයට යොමුකල යුතුව ඇතැයිද ඔහු කියාසිටියා.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තද අද සිට කොවිඩ් සීමා ලිහිල් කරනු ලැබුවා.

https://twitter.com/ABarrMLA/status/1494451547664941056?s=20&t=5_uzsl7I_Dxc_9MejZF1_Q

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »