Search

හෙට නොමිළයේ බස්වල ගමන් කිරීමට NSW මගීන්ට අවස්ථාව

හෙට දිනයේදී නොමිළයේ බස් රථවල ගමන් කිරීමට නිවු සවුත් වේල්ස් මගීන් දහස් සංඛ්‍යාත පිරිසකට අවස්ථාව උදාවනවා.

ඒ බස් රියදුරන් විසින් සංවිධාන කර ඇති වර්ජනය හේතුවෙනුයි.

ප්‍රධාන බස් සමාගම් 03 ක් වන Transit Systems, Transdev & ComfortDelGro විසින් Opal card යන්ත්‍ර හෙට දිනයේදී ක්‍රියා විරහිත කර තබනු ඇති.

ඒ අනුව නිවු සවුත් වේල්ස් මගීන්ට නොමිළයේ බස් රථවල ගමන් කිරීමේ අවස්ථාව හිමිවනවා.

මගීන් ලක්ෂ 02 ක් පමණ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වැටුප් වැඩි කරදෙන ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනය සංවිධාන කර ඇත්තේ.

එය පහත ප්‍රදේශවල ක්‍රියාත්මක වනවා.

Liverpool, Fairfield, Parramatta, Cronulla, Engadine, Sutherland, Menai, Hornsby, Gordon, Berowra, Lidcombe, Granville, the Hills District, Frenchs Forest, Terrey Hills, St Ives and Belrose. Outside the city centre, other suburbs include Maitland, Raymond Terrace, Lake Macquarie, Blue Mountains, Wyong, Tuggerah and Queanbeyan.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »