
ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලි ජය ඔස්ටේ්‍රලියාවට හිමිවුණා.
ඒ කැන්බරා හිදී පැවති 03 වන තරගයෙන් ඔවුන්ට කඩුලූ 06 ක ජයක් හිමිවීමත් සමගයි.
කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පිරිනැමුවා.

එහිදී ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 121 ක්.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක නොදැවී පන්දු 38 කදී ලකුණු 39 ක් ලබා ගත්තා.

කේන් රිචර්ඩ්සන් ලකුණු 21 කට කඩුලූ 03 ක් බිදහෙලූවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඔස්ටේ්‍රලියාව පන්දුවාර 16 යි පන්දු 05 කදී කඩුලු 04 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.
ග්ලෙන් මැක්ස්වෙල් 39 යි. නායක ඒරන් ෆින්ච් 35 යි. මහීෂ් තීක්ෂණ ළකුණු 24 කට කඩුලු 03 යි.
මේ අනුව තරගාවලි ජය 3 ට 0 ක් ලෙස දැනටමත් ඔස්ටේ්‍රලියාව විසින් හිමිකරගෙන අවසන්.