02 වන පන්දුවාර 20 තරගයෙන් ඔස්ටේ්‍රලියාවට ජය

AUSTRALIA CRICKET TEAM

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත්වුණා.

කණ්ඩායම් 02 ම සම ළකුණු ලබාගැනීම හමුවේ තරගයේ ජය තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයකිනුයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ටේ්‍රලියාවට පිරිනැමුවා.

ඒ අනුව සිඩ්නි නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 164 ක්.

ජොෂ් ඉංග්ලිෂ් 48 ක්ද නායක ඒරන් ෆින්ච් 25 ක් ද රැස්කලා.

දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක්ද – වනිඳු හසරංග ළකුණු 33 කට කඩුලු 02 ක්ද / නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලුවා.

තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 165 ක ඉලක්කයක් හිමිවුණා.

නියමිත පන්දුවාර 20 අවසාන වනවිට ශ්‍රී ලංකාවද කඩුලු 08 ක් දැවී ළකුණු 164 ක් ලබාසිටියා.

පැතුම් නිස්සංක 73 ක්ද දසුන් ශානක 34 ක් ලබා ගත්තා. ජොශ් හේසල්වුඩ් ළකුණු 22 කට කඩුලු 03 ක් දවාගත්තා.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාව ලබාගත්තේ ළකුණු 06 ක් පමණයි. ඔස්ටේ්‍රලියාව ළකුණු 09 ක් ලබා තරගය ජය ගැනීමට සමත්වුණා.

දෙරට අතර 03 වන පන්දුවාර 20 තරගය අනිද්දා කැන්බරා හිදී පැවැත්වෙනවා.

කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට නුවන් තුෂාර අද දිනයේදී ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමද විශේෂත්වයක්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »