වනිදු හසරංග IPL වෙන්දේසියේ ඉන්දීය රු ලක්ෂ 1075 කට RCB පිළට

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග මෙවර අයි පී එල් වෙන්දේසියේ ඉන්දීය රුපියල් ලක්ෂ 1075 කට අලෙවි වුනා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළයි ඔහුව මිළදි ගත්තේ.

මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය සුලු වේලාවකට පෙර තාවකාලිකව අත්හිටවුවා.

ඒ වෙන්දේසියේ ලංසුකරුවා ලෙස කටයුතු කළ හියු එඩ්මිඩ්ස් වෙන්දේසිය මෙහෙයවමින් සිටියදී හදිසියේ ඇද වැටීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගට අදාල ලංසුවයි එම මොහොතේදි ඉදිරිපත් වෙමින් තිබුනේ.

මෙවර තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර ඉන් තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 600 ක් පමණයි.

ඒ අතරට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක් ඇතුලත්.

වැඩිම වටිනාකමක් හිමිවී ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි.

තෝරාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතරට මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොගත් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ හා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද අයත්.

මීට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරන චරිත් අසලංක, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, අවිෂ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න මෙන්ම භානුක රාජපක්ෂ ද ක්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන තිබෙනවා.

ඒ අතරින් වැඩි අවධානයක් යොමුවී ඇත්තේ වනිදු හසරංග, චරිත් අසලංක සහ දුෂ්මන්ත චමීරටයි.

මෙවර තරගාවලියට අළුත් කණ්ඩායම් 02 ක් එක් වනවා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ ගුජරාට් ටයිටන්ස් නමින්.

මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් හෙවත් ෂඡඛ ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේ ද පැවැත්වීමට නියමිතයි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »