
කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ කළහකාරීව හැසිරුණ විරෝධතාකරුවන් අතුරින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පැවැත්වෙන මෙම විරෝධතාවය කැන්බරා ඉතිහාසයේ විශාලම විරෝධතා අතුරින් එකක් ලෙසයි සැළකෙන්නේ.
අනිවාර්ය එන්නත්කරණයට විරෝධය පළකරමින් කැන්බරා අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට අද දිනයේදීත් විරෝධතාවයක් පැවැත්වුණා.

දහස් සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටි බව සඳහන්.
මානසික සෞඛ්‍ය නගා සිටුවීම වෙනුවෙන් ආධාර එක් රැස්කිරීම සඳහා සංවිධාන කර තිබූ පොත් ප්‍රදර්ශනයක් අත්හිටුවීමටද මෙම විරෝධතාවය හමුවේ සිදුවී තිබුණා.

නීති විරෝධී උද්ඝෝෂණ පවත්වන්නන් අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය සිදුකරන අනතුරු ඇගවීම් නොතකමිනුයි විරෝධතාකරුවන් මෙම උද්ඝෝෂණවල නිරත වන්නේ.