
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස තරගයට එල්.ටී.ටී.ඊ හිතවාදින්ගෙන් බාධා එල්ල වී තිබුණා.
මොවුන් සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඇතුළු වීමේ දොරටු ඉදිරිපිට පෝස්ටර් හා බැනර් අතැති ව සිටි බව යි වාර්තා වන්නේ.
අතීතයේ සිදු කළ සමූල ඝාතන අමතක කළ නො හැකි බව බැනර්වල සඳහන් වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 20 ක පරාජයක් හිමිවුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 149 ක්.

වර්ශාව හමුවේ ශ්‍රී ලංකාවට පන්දුවාර 19 කදි ලකුණු 143 ක ඉලක්කයක් හිමිවුවද කඩුලු 08 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ළකුණු 122 ක් පමණයි.
COMMENTS