ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා T20 තරගාවලියේ පළමු තරගය අද – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා T20 තරගාවලියේ පළමු තරගය අද

ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා T20 තරගාවලියේ පළමු තරගය අද

තරග 05 කින් සමන්විත ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වනවා.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 40 ට හෙවත් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 යි 10 ට ආරම්භ වනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.

ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ගෙවී ගිය මාස 09 ක කාලයකින් පසු ඔස්ටේ්‍රලියානු පිල විස්සයි 20 තරගයකට සහභාගී වන පළමු තරගාවලිය වන්නේද අදින් ආරම්භ වන විස්සයි 20 තරගාවලියයි.

තරගාවලියට හොඳ සූදානමකින් මුහුණ දෙන බව ශ්‍රී ලංකා අන්තර්වාර පුහුණුකරු රුමේෂ් රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලා.

COMMENTS