මෙල්බන් Caulfield හි Hawthorn පාරේ පිහිටා ඇති 7-Eleven අලෙවිසැලක් අසලදී කාන්තාවකට පහරදී උණු කෝපි කෝප්පයක් ඇගට වත්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
අද පෙරවරුවේ මෙම පහරදීම සිදුකර ඇත්තේ තවත් කාන්තාවක විසින් බවයි අනාවරණ වී ඇත්තේ.
සැකකාරිය මේ වනවිට ප්රදේශයෙන් පළාගොස් තිබෙනවා.
පහරකෑමට ලක්වූ 52 හැවිරිදි කාන්තාව මේ වනවිට Alfred රෝහලේ ප්රතිකාර ලබමින් පසුවනවා.
පහරදීමට හේතු සොයා විමර්ශන ක්රියාත්මකයි.