නිවු සවුත් වේල්ස් පාසල් වේලාව වෙනස් වන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් පාසල් වේලාව වෙනස් වන ළකුණු

නිවු සවුත් වේල්ස් පාසල් වේලාව වෙනස් වන ළකුණු

දිනපතා පාසල් පවත්වන කාලසීමාව වෙනස් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කරමින් පවතිනවා.

ඒ අනුව 1950 දශකයේ සිට මේ දක්වා බලාත්මක පෙරවරු 09 – පස්වරු 03 කාල වකවානුව සංශෝධනය වනු ඇතැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කලා.

මෙම වසරේ 03 වන වාරයේ සිට පාසල් කිහිපයක් තෝරාගෙන මෙහි අත්හදා බැලීම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දෙමව්පියන්ට පහසු වේලාවක් යොදා ගැනීම – රථ වාහන තදබදය අවම කිරීම වැනි කරුණු කෙරෙහි මෙහිදී රැවැඩි අවධානයක් යොමු කෙරෙන බවයි අගමැතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් වැඩි පිරිසක් අකමැති නම් නව ක්‍රමය භාවිතයට නොගන්නා බවටද නිවු සවුත් වේල්ස් අගමැතිවරයා ප්‍රතිඥාවක් දී තිබෙනවා.

https://www.7news.com.au/sunrise/on-the-show/nsw-to-trial-new-school-hours-to-offer-more-flexibility-for-families–c-5607722

COMMENTS