VIDEO : පාන් – ඉන්ධන සහ රැපිඩ් කට්ටලයක මිළ නොදන්නා අගමැති

National Press Club හිදී අද පැවති දේශනයෙන් පසු ප්‍රශ්න උත්තර වාරයේදී අගමැති ස්කොට් මොරිසන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.

ඒ පාන් ගෙඩියක මිළ – ඉන්ධන මිළ සහ රැපිඩ් කට්ටලයක මිළ නිසි ආකාරයෙන් නොදැනුවත් බවට අගමැතිවරයාට ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදුවීම හේතුවෙනුයි.

රටේ ප්‍රධානියා මෙවැනි කරුණු සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටීම කණගාටුවට කරුණක් බවටද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේච්චනයක් එල්ල වී තිබෙනවා.

එමෙන්ම නැවත වරක් මැතිවරණයකට මුහුණ දෙන අතරතුර අගමැති මොරිසන් මෙවැනි පසුබෑමකට ලක්වීමත් ඔහුගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ බසින වාතාවරණයක මෙවැන්නක් සිදුවීමත් විශේෂත්වයක්.

VIDEO :

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »