Search

අද සිට මෙල්බන් නගරයේ e-scooters 1500 ක්

අද සිට මෙල්බන් නගරයේ e-scooters 1500 ක් පමණ කුළියට ලබාගැනීමේ පහසුකම සඳහා යොදවා තිබෙනවා.

මෙල්බන් නාගරික කලාපය – සහ Port Phillip and City of Yarra කලාප තුළ ඒවා භාවිතයට ගැනීමට අවසර හිමිවනවා.

පැයට කිලෝමීටර් 20 ක උපරිම වේගයෙන් මෙම e-scooters ධාවනය කල හැකියි.

ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහා ඒවා වෙන්කරවා ගත හැකියි.

පදික මංතීරුවල කිසිදු අයුරකින් ඒවා පැදවීමට අවසර ලැබෙන්නේ නැහැ.

එමෙන්ම ආරක්ෂිත නීති ගණනාවකට යටත්වීමටද ඒවා භාවිත කරන්නන්ට සිදුවනවා.