මෙල්බන් නිවාස මිළ ගණන් පළමු වරට $ මිලියනය ඉක්මවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් නිවාස මිළ ගණන් පළමු වරට $ මිලියනය ඉක්මවයි

මෙල්බන් නිවාස මිළ ගණන් පළමු වරට $ මිලියනය ඉක්මවයි

ජනවාරි මාසයේදී මෙල්බන් සහ සිඩ්නි යන නගර දෙකෙහිම නිවාස මිළ ගණන්වල සාමාන්‍යය ඩොලර් මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

මෙල්බන් නගරයේ නිවාස මිළ ගණන්වල මධ්‍යයන අගය ඩොලර් මිලියනය අභිබවා ගිය පළමු අවස්ථාව මෙයයි.

බ්‍රිස්බන් නගරයේ නිවාස මිළ ගණන් පසුගිය දෙසැම්බරයට වඩා සියයට 2.5 කින් වැඩිවී ඇති අතර එහි වාර්ෂික ඉහළයාම සියයට 32.3 ක්.

ඒ අනුව බ්‍රිස්බන් නගරයේ නිවාස සාමාන්‍ය මිළ දැක්වෙන්නේ ඩොලර් 08 ලක්ෂ 09 දහසක් ලෙසයි.

සමස්ත ඔස්ටේ්‍රලියාවම සැළකීමේදී 1989 වසරෙන් පසු වැඩිම නිවාස මිළ ගණන් වාර්තා වී ඇත්තේද පසුගිය වසරේදීයි.

ඒ අනුව පසුගිය ජනවාරියේ සිට මෙම ජනවාරිය දක්වා නිවසක සාමාන්‍ය මිළ වැඩිවීම ඩොලර් 130,000 ක් පමණ වනවා.

https://www.smh.com.au/property/news/melbourne-house-prices-surpass-1m-sydney-values-continue-to-rise-in-january-20220201-p59sre.html

COMMENTS