ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නම්කර සිටි නුවන් තුෂාර ට කොවිඩ්

ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග සංචාරය සදහා නම්කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයෙකු වන නුවන් තුෂාරට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේ කණ්ඩායමේ අභ්‍යාසක ලෙස සිටින දිල්ෂාන් ෆොන්සේකාටද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

ඔස්ටේ්‍රලියාවට එරෙහි තරගාවලිය සදහා නම්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මේ වන විට ජෛව ආරක්ෂණ බුබුලක් යටතේයි කටයුතු කරමින් සිටින්නේ.

ඒ අනුව සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී ඔවුන් කොවිඩ් ආසාදිත බව හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනිද්දා දිනයේදී ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »