කෙටි විවේක නොදීමට එරෙහිව McDonald’s ට නඩු

සේවා මුරවලදී නිසි අයුරින් වැටුප් සහිත විවේක කාල ලබා නොදීමට එරෙහිව ඔස්ටේ්‍රලියාවේ සේවක වෘත්තීය සමිති 02 ක් විසින් McDonald’s ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

සෑම පැය 04 කටම වරක් හිමිවිය යුතු වැටුප් සහිත විනාඩි 10 ක ව්වේක කාලය බොහෝ පිරිසකට නොලැබෙන බවටයි මෙම නඩුව පවරා ඇත්තේ.

McDonald’s ආයතනය ඔස්ටේ්‍රලියාව තුළ මෙහෙයුම් ආරම්භ කර 50 වන වසර පසුගියදා සමරන ලදී.

මෙම කාලය තුළදී රැකියා ලක්ෂ 15 ක් පමණ මෙරට බිහිකර ඇති බවයි ඔවුන් නිවේදනය කලේ.

තරුණ ඔස්ටේ්‍රලියානුවන් වැඩිම පිරිසක් සේවය කරන ස්ථානය ලෙසද McDonald’s සැළකේ.

https://7news.com.au/news/industrial-relations/mcdonalds-grilled-as-food-giant-accused-of-denying-paid-breaks-c-5499523

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »