අභිමානවත් Australia Day අදයි

ඔස්ටේ්‍රලියාවේ ජාතික දිනය හෙවත් Australia Day අදට යෙදී තිබෙනවා.

1788 වසරේදී නිවු සවුත් වේල්ස් හි Port Jackson වෙත ගොඩ බසින ලද දේශ ගවේෂකයන් කණ්ඩායමක් විසින් බ්‍රිතාන්‍ය ධජය එසවූ දිනය සංකේතවත් කරමිනුයි එය සමරනු ලබන්නේ.

එවක ඔස්ටේ්‍රලියාව හඳුන්වනු ලැබුවේ New Holland ලෙසයි.

ආණ්ඩුකාර ජනරාල් සහ අග්‍රාමාත්‍යවරයා සහභාගීවන උත්සවයකදී වසරේ ඔස්ටේ්‍රලියානුවා (Australian of the Year) සම්මානය පිරිනැමීම මෙන්ම Australia Day Honours ලෙස 1040 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද අද සිදුවනවා.

ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබන පිරිසකට නිල වශයෙන් එය පිරිනැමීමද සිදුවන්නේ අද දිනයේදීයි.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »