ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයක වැඩිම කොවිඩ් මරණ ඊයේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයක වැඩිම කොවිඩ් මරණ ඊයේ

ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයක වැඩිම කොවිඩ් මරණ ඊයේ

කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී සටහන්වී තිබෙනවා.

ඒ මරණ 74 ක් ලෙසයි.

ඔස්ටේ්‍රලියාවේ ජනාකීර්ණම ප්‍රාන්ත 03 ලෙස සැළකෙන නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලිනුයි මෙම මරණ සටහන්වී ඇත්තේ.

මෙතෙක් එක් දිනයකදී මෙරටින් වැඩිම කොවිඩ් මරණ ගණනක් වාර්තාවී තිබුණේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනයේදීයි.

එහිදී මරණ 57 ක් සටහන්වී තිබුණා.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ ඔස්ටේ්‍රලියාව පුරා රෝහල්ගත කිරීම් ඉහළයාම මීට ප්‍රධාන හේතුවයි.

PIC – THE GUARDIAN

COMMENTS