වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් අඩුවන දිනය ගැන ඉගියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් අඩුවන දිනය ගැන ඉගියක්

වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් අඩුවන දිනය ගැන ඉගියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම ඉහළම අගයට පැමිණ ඇතැයි විශ්වාස කරන බව ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී මහාචාර්ය බ්‍රෙට් සට්න් පවසනවා.

තවත් දින කිහිපයකින් ආසාධිතයන් සටහන් වීම පහළ බසිනු ඇති බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් රෝහල්ගත කෙරෙන රෝගීන් සංඛ්‍යාව ඉදිරි දිනවලදීත් ඉහළ යනු ඇතැයි මහාචාර්ය බ්‍රෙට් සට්න් අනාවැකි පළකරනවා.

පෙබරවාරි මැද භාගය වනවිට එම සංඛ්‍යාවද අඩුවීම ආරම්භ වනු ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීවරයා සඳහන් කරන්නේ.

මේ අතර කොවිඩ් වැළඳී ඇතැයි නොදැනුවත්ව සමාජය තුළ සැරිසරන විශාල පිරිසක් සිටින බවද මහාචාර්ය සට්න් අනතුරු අගවනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-new-case-numbers-millions-rapid-antigen-tests-arrive/28740c24-5ce3-4443-bfb8-df9f1c343e12

COMMENTS