ක්වන්ටාස් – ජෙට් ස්ටාර් ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

මෙම වසරේ දෙවන අර්ධය සඳහා සැළසුම් කර තිබූ ගුවන් ගමන් අතුරින් සැළකිය යුතු ප්‍රමාණයක් අවලංගු කිරීමට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් සමාගම් තීරණය කර තිබෙනවා.

මේ අනුව ජූලි – අගෝස්තු සහ සැප්තැම්බර් සඳහා සැළසුම්කර තිබූ ගුවන් ගමන් අතුරින් විශාල ප්‍රමාණයක් අවලංගු කරන බවයි ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කරන්නේ.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම මීට හේතුව වී තිබෙනවා.

කෙසේවෙතත් මීට සති කිහිපයකට පෙර ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කලේ කොවිඩ් වසංගතයට පෙර තිබු තත්වයට වඩා සියයට 102 කින් ගුවන් ගමන් වැඩිකිරීමට පියවර ගන්නා බවයි.

එහෙත් ගුවන් ගමන් සඳහා වන ඉල්ලුම සියයට 70 කට පමණ අඩුවීම සැළකිල්ලට ගෙන සිය තීරණය වෙනස් කිරීමටයි ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »