මිලියන ගණනකට රැපිඩ් කට්ටල නොමිළේ – ජාතික කැබිනෙට්ටුව ගත් සියලු තීරණ මෙන්න

ඔස්ටේ්‍රලියාවේ මිලියන ගණනක් වන ජනතාවට නොමිළයේ රැපිඩ් කට්ටල ලබාදීමට අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලබන 24 වනදා සිට එය ආරම්භ වන අතර ලාභීන් සියලු දෙනාට ෆාමසි හරහා නොමිළයේ එම පරීක්ෂණ සිදුකර ගත හැකියි.

ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන්ට (කොවිඩ් ආශ්‍රිතයෙකු වී නම්) සෘණාත්මක රැපිඩ් ප්‍රථිඵලයක් සහිතව යළිත් සේවයට පැමිණිමට අවසර දීමටද අද රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන – විදුලි සංදේශ – ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර ද ඊට අයත්.

Service station worker, and all Australians working in health, welfare, care and support, emergency services, which includes law enforcement, correctional services, energy, resources, and water, waste management, telecommunications data, broadcasting, media, education and childcare

හැකි ඉක්මණින් පාසල් නැවත ආරම්භ කිරීමහ සියලු ප්‍රාන්ත රජයන්ගේ වගකීමක් විය යුතු බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කලා.

වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ගෙන් සියයට 06 කට වැඩි පිරිසකට එන්නත් ලබාදී අවසන් කල බවද ඔහු පැවසීය.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »