Breaking: ජොකොවික් පිටුවහල් කිරීම නවතී

breaking

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කිරීම වළක්වමින් ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විනාඩි 30 ක් ඇතුළත් ඔහු රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙයසි නියෝග කෙරුණේ.

අද පෙරවරුවේ යළි ආරම්භ වූ නඩු විභාගයේදී ජොකොවික්ගේ නීතීඥයන් සහ රජයේ නීතීඥයන් වෙන වෙනම කරුණූ දක්වා තිබුණා.

ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි.

ඒ නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම නීති විරෝධී යැයි දක්වමින්.

එහෙත් ඔහුගේ නීතීඥයන් විසින් වික්ටෝරියා අධිකරණයක් හමුවේ අභියාචනයක් ගොණුකල අතර එහි අවසන් තීන්දුව ලබාදීම අද තෙක් කල් දැමුණා.

කිසියම් අයුරකින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලැබුණේනම් වසර 03 ක් යනතුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමද ජොකොවික් ට තහනම් වීමට නියමිතව තිබුණා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »