ජොකොවික් ගේ නඩුව රෑ 08 තෙක් කල් යයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරන්නේද නොමැතිද යන අවසන් තීන්දුව ලබාදීම සඳහා වන නඩු විභාගය මෙල්බන් වේලාවෙන් රාත්‍රී 08 දක්වා කල් දමා තිබෙනවා.

අද පෙරවරුවේ යළි ආරම්භ වූ නඩු විභාගයේදී ජොකොවික්ගේ නීතීඥයන් සහ රජයේ නීතීඥයන් වෙන වෙනම කරුණූ දක්වා තිබුණා.

ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි.

ඒ නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම නීති විරෝධී යැයි දක්වමින්.

එහෙත් ඔහුගේ නීතීඥයන් විසින් වික්ටෝරියා අධිකරණයක් හමුවේ අභියාචනයක් ගොණුකල අතර එහි අවසන් තීන්දුව ලබාදීම අද තෙක් කල් දැමුණා.

කිසියම් අයුරකින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලදහොත් වසර 03 ක් යනතුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමද ජොකොවික් ට තහනම් වනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »