T20 තරග සඳහාත් අඩු පන්දු වේගයට දඩ නියම කරන්න නීති

පන්දු යැවීමේ වේගය නියමිත මට්ටමේ පවත්වාගෙන නොයාම සඳහා දඩ නියම කිරීම පන්දුවාර 20 ක්‍රිකට් තරග සඳහාද හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ 03 සඳහාම එම නීතිය පවත්වාගෙන යාමටයි අයි සී සී ය අනුමැතිය දී ඇත්තේ.

මෙම මාසයේ සිට එම සංශෝධනය බලාත්මක වනු ඇති.

මීට අමතරව සිසිල් පැන් පානය කිරීම සඳහා වන විවේක කාලයන් සඳහා සංශෝධන හඳුන්වාදීමටද අයි සී සී ය විසින් අනුමැතිය දෙනු ලැබුවා.

ඒ අනුව සෑම ඉණිමක් අතරතුරදීම විනාඩි 02 හාමාරක අනිවාර්ය නොවන විවේක කාලයක් ලබාගත හැකියි.

කෙසේවෙතත් ඒ සඳහා කණ්ඩායම් 02 ම එකගවිය යුතුයි.

නව නීති යටතේ පැවැත්වෙන පළමු තරගය වන්නේ ලබන 16 වනදා ජැමෙයිකා හිදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර පන්දුවාර 20 තරගයයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »