මෙල්බන් හිදී සොරකම් කල මෝටර් රථයක් ගසක ගැටී ගිනි ගනී

මෙල්බන් ඇල්බට් පාක් ප්‍රදේශයේදී සොරකම් කරන ලද මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී එය ගසක ගැටීමෙන් ගිනි ගැනීමකට ලක්වී තිබේ.

එතුළ සිටි 19 හැවිරිදි පුහුණු රියදුරු තරුණියක සහ තවත් දෙදෙනෙකු දිවිගලවාගෙන ඇත.

එහෙත් ඔවුන් 03 දෙනාම තුවාල ලබා ඇති බව වික්ටෝරියා පොලිසිය සඳහන් කරයි.

Hastings හි පදිංචි මෙම තරුණියට එරෙහිව චෝදනා ගොණු කරන බව වික්ටෝරියා පොලිසිය කියාසිටී.

වාහන සොරකම සහ නොසැළකිලිමත් රිය ධාවනය එම චෝදනායි.

https://www.9news.com.au/national/driver-charged-after-three-people-pulled-from-melbourne-car-fire-in-albert-park/70bd2c9e-5825-44f7-bd1a-8eebdecaa4b8

PIC – 9NEWS

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »