සෞඛ්‍ය නීති කඩකරමින් නව වසර උදාවේ සාදයක් පැවැත්වූ පර්ත් සුප්‍රකට අවන්හලකට එරෙහිව පියවර

නව වසර උදාවේදී සෞඛ්‍ය නීති කඩකරමින් සාදයක් පැවැත්වූ පර්ත් නුවර සුප්‍රකට අවන්හලක් සහ තැබෑරුමකට එරෙහිව පියවර ගැනීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබෙනවා.

පර්ත් හි The George restaurant and bar වෙතයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

ඊයේ රාත්‍රියේ පැවති සාදයේදී අවන්හලේ සියලු පිවිසුම් වසා දමා තිබී ඇති අතර සියලු ජනෙල් වසා දමා පිටතට නොපෙනන අයුරින් කලු පැහැති රෙදි දමා ආවරණය කර තිබී ඇතැයි සඳහන්.

මත්පැන් අලෙවියද බලපත් නීති කඩකරමින් සිදුව ඇති අතර කිව් ආර් කේත ක්‍රම භාවිතයක්ද කිසිදු අයුරකින් සිදුවී නොමැති බවටයි වාර්තා පළවන්නේ.

කිසියම් අයුරකින් වැරදි සඳහා වරදකරුවන් බවට පත්වුවහොත් ඩොලර් 250,000 ක දඩයකට යටත්වීමට The George restaurant and bar ට සිදුවනවා.

https://www.abc.net.au/news/2022-01-01/perth-new-years-eve-covid-restrictions-cbd-arrests-fireworks/100734290

PIC – (ABC News: Glyn Jones)

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »