නිවාඩු නැතිව රිය ධාවනයේ යෙදෙන වික්ටෝරියා රියදුරන්ට තෑගි

උත්සව සමයෙ නිවාඩු නොමැතිව දීර්ඝ වේලාවක් එක දිගට ධාවනයේ යෙදෙන රියදුරන්ගේ විඩාව දුරු කිරීම සඳහා වික්ටෝරියා ප්‍රවාහන අංශ විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මහාමාර්ග අසළ උසස් ඝනයේ කෝපි පානයන් නොමිළයේ ලබාදීමට නියමිතයි.

ඊට අමතරව කෙටි නින්දක් ලබා ගැනීමට ආසන පැණවීම් සහ Games ලබාදීමටද පියවර ගෙන තිබෙනවා.

ඇතැම් රියදුරන් උත්සව සමයේදී පැය 17 ක් වැනි අධික වේලාවක් අඛණ්ඩව රාජකාරි කරන බවටයි හෙළිවී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවන රිය අනතුරු සඳහා සියයට 16 – 20 අතර අගයකට වගකිව යුතු වන්නේද අධික තෙහෙට්ටුව බව අනාවරණය වනවා.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙනයි නත්තල් අවසන්වීමෙන් පසු ජනවාරි 03 වනදා දක්වා කාලය තුළ Marong near Bendigo, Bungalally (on the way to Gippsland) ප්‍රදේශ ආශ්‍රිතව විවේක ගැන්වීම් ස්ථාන පිහිටුවනු ලබන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »