බූස්ටර් මාත්‍රාව දෙන වකවානුවේ වෙනසක් නොකිරීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කරයි

අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් අද පැවැත්වුණා.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුකල බවයි අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ.

හැකිතාක් බාහිර ඒකරාශිවීම්වලින් ඉවත් වන්නැයිද ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය නිසි ලෙස සිදුකරන්නැයිද ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල වකවානු වෙනස් කිරීමකින් තොරවම පවත්වාගෙන යාමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 02 වන හා 03 වන මාත්‍රා අතර පරතරය තවදුරටත් මාස 05 ක් ලෙසම පවතිනු ඇති.

ඉදිරි නිවාඩු කාලසීමාවේදී එන්නත්කරණ කටයුතුවල නිරත වන වෛද්‍යවරුන්ට සහ ඖෂධ සංයෝජකයන්ට එක් එන්නතකට අමතර ඩොලර් 10 ක මුදලක් ගෙවීමටද තීරණය කල බවයි අගමැති මොරිසන් පවසා සිටියේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »