ආසාධිතයන් ලක්ෂ 02 අනාවැකිය ගැන බිය නොවන්නැයි ඉල්ලීමක්

සංචරණ සීමා පැණවීමක් සිදුනොකල හොත් ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවෙන් දිනකට කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 02 ඉක්මවා වාර්තාවිය හැකි බවට පළවු වාර්තාව පිළිබඳ බිය නොවන්නැයි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය පෝල් කෙලී ජනතාවට දැනුම් දෙනවා.

මෙය පුරෝකථනයක් පමණක් බවත් සැබෑ ලෙසම සිදුවනු ඇතැයි අපේක්ෂා කල නොහැකි බවත් ඔහු අවධාරණය කරනවා.

හැකිතාක් ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගැනීමෙන් එවැනි තත්වයක් වළක්වා ගත හැකි බවයි ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීවරයා පෙන්වා දෙන්නේ.

මීට ඉහතදීද මෙවැනි අනාවැකි පළවූ නමුත් සැබෑ ලෙසම එවැනි දෑ සිදු නොවුනු බව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා සඳහන් කරනවා.

Doherty Institute විසින් පළකරන ලද මෙම අනාවැකිය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු වෛද්‍ය විශේෂඥයන් රැසක් දැනටමත් අප්‍රසාදය පළකර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එය තත්වය වැඩි කර පෙන්වීමක් බවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »