ෆිච් රේටිංග්ස් අසාධාරණයි – මහ බැංකුවෙන් උත්තර

CBSL

ෆිච් රේටින් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ‍්‍රී ලංකාව පහළට හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය නොසතුට පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනා ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම අසමත් වී ඇති බවයි.

ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙලීම සිතාගත නොහැකි බවද මහ බැංකු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

රට තුළ ඇති වී තිබෙන ඩොලර් අර්බුදය පියමං කර ගැනීම සඳහා විදේශ රටවල් තුනකින් ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

චීනය ජපානය සහ රුසියාව යන රටවලින් එසේ ණය මුදලක් ලබා ගැනීමට අවධානය යොමුව ඇත.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩලයට ද දැනුම් දී තිබේ.

ඉන්දියාව විසින් ඩොලර් මිලියන 1400ක ණය මුදලක් ලබා දීමට එකග වූ බව මුදල් ඇමතිවරයා විසින් අවසන් කැබිනට් මණ්ඩලයට දැනුවත් කර තිබින.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »