නිවු සවුත් වේල්ස් ඔමික්‍රොන් ආසාධිතයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සැකකටයුතු තවත් ආසාධිතයන් කිහිප දෙනෙකුගේ වාර්තා අද දිනය ඇතුළත ලැබීමට නියමිතව ඇති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ඒ අනුව හෙට දිනය වනවිට තවත් ආසාධිතයන් කිහිප දෙනෙකු තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

මේ වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් පොකුරු 03 කට සම්බන්ධ අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

Regents Park Christian School, Sydney Indoor Climbing Gym Villawood & St Peter Chanel Catholic Primary School in Regents Park යන ස්ථාන ආශ්‍රිතව මෙම පොකුරු නිර්මාණය වී තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-new-south-wales-update-nsw-omicron-cases-expand-to-15/2d354ca8-c6bc-4a44-b4ba-680e5d68d052

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »