Day: December 5, 2021

නිවු සවුත් වේල්ස් ඔමික්‍රොන් ආසාධිතයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැකකටයුතු තවත් ආසාධිතයන් කිහිප දෙනෙකුගේ වාර්තා අද දිනය ඇතුළත ලැබීමට නියමිතව ඇති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ. ඒ අනුව හෙට දිනය වනවිට තවත් ආසාධිතයන් කිහිප දෙනෙකු තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බවටද අනාවැකි පළවනවා. මේ වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් පොකුරු 03 කට සම්බන්ධ අය බවටයි හඳුනාගෙන ඇත්තේ. Regents Park Christian School,

Read More »

සැළසුම් කල දිනයට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරෙන ළකුණු

සැළසුම් කල දිනයට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරෙන ළකුණු පළවී තිබෙනවා. ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk සඳහන් කලේ ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වෙන බවයි. ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 සම්පූර්ණ කිරීමත් සමග ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ දිනය ලෙස දැනට සැළසුම් කර ඇත්තේ දෙසැම්බර් 17 වනදායි. එහෙත් සමාජයෙන් හමුවන ආසාධිතයන් ගණන කැපී පෙනෙන ලෙස පහළ යාමත් සමග බොහෝ දුරට එම දිනයට පෙර ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි Annastacia Palaszczuk පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් පිලිපීනයේ

Read More »

පිහිණීමට ගොස් අතුරුදන් වූ 17 හැවිරිදි සිසුවාගේ සිරුර වික්ටෝරියා විලකින් හමුවෙයි

සිය මිතුරන් සමග පිහිණීමට ගොස් අතුරුදන් වූ 17 හැවිරිදි සිසුවාගේ සිරුර වික්ටෝරියා උතුරු ප්‍රදේශයේ Nagambie විලෙහි තිබී හමුවී තිබේ. ඊයේ පස්වරු 05 ට පමණ මෙම සිසුවා දියේ ගිලීමෙන් අනතුරට ලක්ව තිබිණි. පිහිණුම් අතරතුර ඔහු කිසියම් අපහසුතාවයකට ලක්ව ඇති අතර මිතුරනස් විසින් උපකාර කිරිමට ගොස් ඇතත් ඔහු දියේ ගිලී ගොස් තිබෙනවා. අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. අනතුරුව මරණයට නිශ්චිතම හේතුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. https://www.7news.com.au/news/disaster-and-emergency/teenage-boys-body-pulled-from-lake-nagambie-in-regional-victoria–c-4821158

Read More »