සිය මිතුරන් සමග පිහිණීමට ගොස් අතුරුදන් වූ 17 හැවිරිදි සිසුවාගේ සිරුර වික්ටෝරියා උතුරු ප්‍රදේශයේ Nagambie විලෙහි තිබී හමුවී තිබේ.
ඊයේ පස්වරු 05 ට පමණ මෙම සිසුවා දියේ ගිලීමෙන් අනතුරට ලක්ව තිබිණි.
පිහිණුම් අතරතුර ඔහු කිසියම් අපහසුතාවයකට ලක්ව ඇති අතර මිතුරනස් විසින් උපකාර කිරිමට ගොස් ඇතත් ඔහු දියේ ගිලී ගොස් තිබෙනවා.
අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
අනතුරුව මරණයට නිශ්චිතම හේතුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.