සැළසුම් කල දිනයට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරෙන ළකුණු

සැළසුම් කල දිනයට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරෙන ළකුණු පළවී තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk සඳහන් කලේ ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වෙන බවයි.

ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 සම්පූර්ණ කිරීමත් සමග ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ දිනය ලෙස දැනට සැළසුම් කර ඇත්තේ දෙසැම්බර් 17 වනදායි.

එහෙත් සමාජයෙන් හමුවන ආසාධිතයන් ගණන කැපී පෙනෙන ලෙස පහළ යාමත් සමග බොහෝ දුරට එම දිනයට පෙර ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි Annastacia Palaszczuk පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් පිලිපීනයේ සිට බ්‍රිස්බන් පැමිණි පුද්ගලයන් 05 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/queenslands-borders-could-open-up-early-after-no-new-covid-19-community-cases-c-4821650

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »