ලබන මාසයේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන මුව ආවරණ සහ QR codes Check in නීති පිළිබඳ නව රෙගුලාසි අද ප්‍රකාශයට පත් කෙරුණා.
ලබන දෙසැම්බර් 15 වනදා වනවිට ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 95 ඉක්මවා යනු ඇති බවට උපකල්පනය කරමිනුයි එය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව එදින සිට මුව ආවරණ භාවිත කල හැකි වනුයේ පොදු ප්‍රවාහනයේදී – ගුවන් යානා තුළ සහ ගුවන් තොටුපළවලදී පමණයි.
ඊට අමතරව ක්ෂේත්‍රයේ නිරත එන්නත්කරණයට ලක් නොවූ සේවකයන්ද මුව ආවරණ පැළඳිය යුතු වනවා.
පහතින් දැක්වෙන අධි අවධානම් ස්ථානවලදී හැර අනෙක් ස්ථානවලදී QR codes Check in වීමද අනිවාර්ය වන්නේ නැහැ.
hospitals, aged and disability care facilities, gyms, places of worship, funerals or memorial services, personal services, pubs, small bars, registered clubs and nightclub and at indoor music festivals with more than 1000 people.