අපහාස නඩුවකින් දිනූ ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ට $ 35,000 ක වන්දියක්

අපහාස නඩුවකින් ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ට ඩොලර් 35,000 ක වන්දි මුදලක් හිමිවී තිබෙනවා.

2019 වසරේදී ගාඩියන් පුවත්පතේ පළවූ වාර්තාවක් අළලා නීතීඥවරයෙකු විසින් නිකුත් කල ට්විටර් පණිවිඩයක් මගින් අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමිනුයි අමාත්‍යවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ.

එවක ස්වදේශ අමාත්‍යවරයාව සිටියදී නාවුරු දූපතේ සිටි සරණාගත කාන්තාවන් පිළිබඳ සිදුකල බව කියන ප්‍රකාශයක් අදාළ පුවත්පත් වාර්තාවට පාදක වී තිබුණා.

සිද්ධියට තුඩුදුන් ට්විටර් පණිවිඩය මේ වනවිට ඉවත් කර ඇතත් එමගින් අපහාසයක් සිදුවූ බවටයි ෆෙඩරල් අධිකරණයක් විසින් තීන්දු කර ඇත්තේ.

විශේෂයෙන් විත්තිකරුට ඇත්තේ තහවුරු කරන ලද (verified) ට්විටර් ගිණුමක් බැවින් එහි පළකරන දෑ පිළිබඳ වගකීම ඔහු විසින් දැරිය යුතු බවටද අධිකරණය නියම කරනු ලැබුවා.

source: https://www.abc.net.au/news/2021-11-24/peter-dutton-wins-defamation-case-against-shane-bazzi/100645832

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »