NSW මුව ආවරණ නීති දෙසැම්බර් 15 න් පසුවත්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක මුව ආවරණ නීති දෙසැම්බර් 15 වනදායින් පසුවද බලපැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවනවා.

නත්තල් සමයත් සමග විශාල වශයෙන් ආසාධිතයන් වාර්තාවීම වළක්වාගැනීමයි එහි අරමුණ වන්නේ.

දැනට ගෘහස්ථ අවස්ථාවලදී අනිවාර්ය මුව ආවරණ රෙගුලාසි ලබන 15 වනදායින් අවසන්වීමටයි නියමිතව ඇත්තේ.

ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය දෙසැම්බර් මැද භාගය වනවිට සියයට 95 කට ආසන්න වනු ඇතත් පවතින නීති ලිහිල් කල නොහැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (23) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 248 ක් වාර්තා වි තිබේ.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 02 ක් වාර්තා වි තිබේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »