අද සිට YouTube අලුත්ම වෙනස මෙන්න

යූ ටියුබ් වීඩියෝ සඳහා ලැබෙන අකමැත්ත පළකිරීම් (dislikes) පොදුවේ දැක ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීමට යූ ටියුබ් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම වසරේ මාර්තු මාසයේදී එය අත්හදා බැලීමක් ලෙස ආරම්භ වූ අතර අද සිට පියවර කිහිපයක් යටතේ ස්ථිරවම ක්‍රියාවට නැංවෙනු ඇති.

ඒ අනුව කිසියම් වීඩියෝවක් සඳහා ලැබෙන dislikes සංඛ්‍යාව මින් ඉදිරියට දැක ගැනීමට හැකිවනුයේ අදාළ චැනලයේ හිමිකරුවන්ට පමණි.

ඇතැම් වීඩියෝ සඳහා සැළසුම් සහගත ලෙස අප්‍රසාදය පළකිරීමේ අරමුණින් dislike කිරීම වළක්වාලීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම දැනුම්දීම සහිතව යූ ටියුබ් ආයතනය විසින් පළකරන ලද වීඩියෝවක් සඳහාද වැඩි වශයෙන්ම ලැබී තිබුණේ dislikes වීම විශේෂත්වයක්.

SOURCE : https://www.9news.com.au/national/youtube-to-hide-and-make-private-the-number-of-dislikes-on-its-videos/884218a7-5f43-4192-a2fa-4322c7d8e00c

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »