ඕස්ට්‍රේලියා අවුරුදු 6ත් 11ත් අතර ළමුන් සඳහා තාවකාලිකව Moderna එන්නත

වයස අවුරුදු 6ත් 11ත් අතර ළමුන් සඳහා තාවකාලිකව Moderna එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සිය පළමු කොවිඩ් එන්නත් ලබාගත් ප්‍රතිශතය 90% ඉක්මවීමට නියමිත වීම නිසා අද දිනය සුවිශේෂී දිනයක් වන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කලා.

මේ අතර තවදුරටත් ආසාදිතයින් වාර්තා වුවහොත් Gold Coast හි COVID සීමා දැඩි කිරීමට සිදුවන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කරනවා.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් දෙදෙනකු හමුවී ඇති අතර එක් අයකු මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරට සම්බන්ධ නොවේ.

කැන්බරා හි නීති විරෝධී Halloween උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 33 දෙනෙකු හට කෝවිඩ් වෛරසය වැළඳී ඇතැයි වාර්තා වනවා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »