
ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය මාසයේදී විරැකියා අනුපාතය සියයට 5.2 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී සියයට 0.6 ක ඉහළ යාමක් ද වනවා.
ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ පසුගිය මාසයේදී නව රැකියා බිහිවී ඇත්තේ 46,000 ක් පමණක් බවයි.

ඉන් වැඩිම ප්‍රමාණයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.
ලොක්ඩවුන් තත්වය අවසන්වීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා උත්පාදනය ඉහළ ගොස් ඇති බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.
