Search

නිරෝධායනයකින් තොරව ද. කොරියාවට සහ ජපානයට සංචාරය කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට ඉඩ ලැබෙන හැඩ

දකුණු කොරියාවට සහ ජපානයට නිරෝධායනයකින් තොරව සංචාරය කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට ඉඩ සලසා දීම පිළිබඳ මධ්‍යම රජයේ අවධානය යොමුවී තිබේ.

සිංගප්පූරුව සමඟ ද එවැනිම සැලැස්මක් ස්ථාපිත කිරීමෙන් පසු දකුණු කොරියාව සහ ජපානය සමග සාකච්ඡා කරන බව අගමැති Scott Morrison පැවසීය.

ක්වීන්ස්ලන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 80% මට්ටමට හෙට ළඟා වන බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින්ගෙන් 84% කට වඩා කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 90% මට්ටමට ළඟා වූ පසු නොවැම්බර් 24 දින සියලු කොවිඩ් නීති ඉවත් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »